Posts

Press Release Regarding the Changing Business Name as TeachMe

Image
  Teachme (Chandi Kello) admin team has decided to change the name of our page to TeachMe in order to improve the economic status and knowledge of our Facebook followers in the face of the ongoing Kovid epidemic .We hope you will join us in the future as usual. Thank you.

මේ ලක්ෂණ තිබේනම් ඔබ කොවිඩ් ආසාදිතයෙක් විය හැක..!

Image
කොවිඩ් රෝග ලක්ෂණ සඟවාගෙන සිට උත්සන්න වන මොහොතේ දී රෝහල් ගත වන බොහෝ රෝගීන් ඔක්සිජන් අඩුකම හේතුවෙන් ජීවිත අ වදානමකට පත්වීමේ තත්ත්වයක් මෙරට රෝහල්වලින්ද දැන් දක්නට ලැබෙන බව ගම්පහ මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා ප්‍රකාශ කළේය. අපහසුතාව එමෙන්ම කතා කිරීමේදී, පඩි කිහිපයක් නැගීමේ දී පවා අධික වෙහෙසක් දැනෙන්නේ නම්, අධික උණ නිතර දින කිහිපයක් ඇතිනම් හෘද ස්පන්දන වේගය වැඩිවන බව දැනෙන්නේ නම්, අැඟපත වේදනාව අධිකව ඇත්නම් එම රෝග ලක්ෂණ කොරෝනා ​වෛරස් ප්‍රභේදයේ විය හැකි බැවින් නොපමාව රෝහල් ගත කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. නව කොරෝනා ප්‍රභේදය නිරෝගී පුද්ගලයෙකුට මෙන්ම තරුණ අයට ද ඉතාම ඉක්මනින් ඇතුළු වී දැඩි බලපෑම් එල්ල කළ හැකි බැවින් තමාට කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැක කරන්නේ නම් හෝ කොරෝනා වයිරසයට ගොදුරු වූ ආශ්‍රිතයකු සමග ළඟින්ම ඇසුරු කර ඇත්නම් ඇතිවන රෝග ලක්ෂණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.

Image
රටේ වත්මන් තත්ත්වය පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය දැනුම් දීම සදහා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ දිනයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබුණි. එම ප‍්‍රකාශය තුළ චීනයෙන් මෙරටට සයිනොෆාම් එන්නත් ලක්ෂ 06 ක ප‍්‍රමාණයක් ලැබී තිබෙන බවත්,නමුත් එම එන්නත් භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමිව නැති බවත් වාර්තා කර තිබුණි. එමෙන්ම, ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක වැඩිදුරටත් පවසා තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා අතර පැවති සාකච්ඡුාවකට පසුව, එම සාකච්ඡුාවේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත සදහා අනුමැතිය ලබා දුන් බවයි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස ප‍්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ, සිනොෆාම් එන්නත සදහා අනුමැතිය ලබා දීම සහ ගෝඨාභ රාජපක්ෂ මහතා සමග ඇති වු දුරකථන සංවාදය අතර සම්බන්ධයක් නැති බවයි. daily mirror.lk

ඊයේ කොළඹ වැඩිම ආසාදිතයින් පළියන්දලින්..!

Image
ඊයේ (10) මෙරට තු​ළින් තහවුරු වූ කොරෝනා ආසාදිතයින් 2,624 වාර්තා වූ ප්‍රදේශ මේ වන විට කොවිඩ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාව පහළින්.. Lanka Z News

බස්නාහිර පළාතේ වාහන හිමියන් ට විශේෂ නිවේදනයක්..!

Image
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට අත්හිටුවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 28 වන දින තෙක් තාවකාලිකව අත්හිටවූ බවයි. එම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේ දී 2021.06.30 වන දින දක්වා නැවත දඩ මුදල් අය කිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

සබරගමුවේ කොවිඩ් මඩින්න ආණ්ඩුකාරතුමන් ගෙන් දැඩි තීරණයක්..!

Image
සබරගමු පළාතේ ෆාමසි හැර සියළුම වෙළඳසැල් රාත් ‍ රි 7න් පසු ද, අත් ‍ යාවශ් ‍ ය නොවන වෙළඳසැල් සති අන්තය ද වසා දමයි. PCR බහුලව සිදු කරන ප් ‍ රදේශ PCR වාර්තා ලැබීමට පෙරම හුදකලා කරයි. සබරගමු පළාතේ ෆාමසි හැර සියළුම වෙළඳසැල් රාත් ‍ රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත අද (11) දන්වනු ලැබීය. ඒ මහතා මේ බව දැනුම් දුන්නේ එදින (11) ZOOM තාක්ෂණය ඔස්සේ සබරගමුව පළාතේ සෞඛ් ‍ ය අංශ, රාජ් ‍ ය ආයතනවල ප් ‍ රධානීන් සමඟ පැවති රත්නපුර දිස්ත් ‍ රික් COVID 19 මර්ධන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. මෙම කමිටුවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප් ‍ රධාන ලේකම් රංජනී ජයකොඩි, රත්නපුර දිස්ත් ‍ රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් සහ සෞඛ් ‍ ය අංශ, රාජ් ‍ ය ආයතන හා අත් ‍ යවශ් ‍ ය සේවා සපයන ආයතන ප් ‍ රධානීහු එක්විය. රත්නපුර සහ කෑගල්ල දිස්ත් ‍ රික්ක දෙකේ වාහන බලපත් ‍ ර අවලංගු වීමේ කාල සීමාව ජුනි 30 දක්වා දීර්ඝ කිරීමට ද සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පියවර ගනු ලැබීය. අත් ‍ යාවශ් ‍ ය මහජන සේවාවන් නොවන සබරගමු පළාතේ කාර්යාල වසා දැමීමට ද...

සාමාජික ඉල්ලීම මත ශ‍්‍රීලනිපය තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම් - අමරවීර

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින් ඉදිරියට ක්‍රියා කරන්නේ ගම් මට්ටමේ සාමාජිකයන්ගේ අදහස් හා මතය බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ආණ්ඩුවේ තනතුරු අතහරින්න හෝ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි ගම් මට්ටමින් සාමාජිකයන් කියන්නේ නම් ඒවා ක්‍රියාත්මක කරන්න සූදානම් බවද ඔහු පැවසීය. පසුගිය මහ මැතිවරණයේ දී මුළු යාන්ත්‍රණයම යොදවන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයන් පැරදවීමට බවත් ශ‍්‍රීලනිප අපේක්ෂකයන්ට පැවසුවේ උකුස්සන් ලෙස බවත් ඔහු කියා සිටියේය. ඒ මහතා මෙම අදහස් පලකලේ උත්සව සභාවක් අමතමිනි.

රත්නපුර ගංවතුර ගැන බලධාරීන්ගේ ඇස් අරවන කතාවක් ගාමිණී වලේබොඩගෙන් පාර්ලිමෙන්තුවේදී..!

Image
තම ආදරණීය රත්නපුර ජනතාවට ගංවතුරෙන් සිදුවන හානිය පිළිබඳ හා   ඒ සදහා යෝජිත වැඩපිළිවෙළ ගැන ගරු ගාමිණී වලේබොඩ මැතිතුමන් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටියේය.   රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සෑම වසරකදීම මුහුණදීමට සිදුවන ගංවතුර තර්ජනය සහ එහි බලපෑම පිළිබඳ  ගරු ගාමිණී වලේබොඩ මැතිතුමන් පාර්ලිමේන්තුවේදී දීර්ග වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ අතර  මෙම ගැටලුව සදහා විසදුම් සහිත යෝජනාවක් ගරු මැතිතුමන් විසින් සභාගත කළහ. තවද ඒ සදහා අවශ්‍ය සහය ලබාදෙන මෙන්   එතුමන් බලධාරීන්ගෙන්  ​

අසාත් සාලිට එරෙහිව ගාමිණී වලේබොඩ ඇතුලු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..!

Image
හිටපු ආණ්ඩුකාර​  අසාත් සාලි මන්ත්‍රීතුමන් විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මැතිතුමන් ඇතුලු පිරිසක් අද උදෑසන​ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකලහ​.  එම ලිඛිත පැමිණිල්ලෙන් පෙන්වා දෙන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(එච්) වගන්තිය ද උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කොට ඇති අසාද් සාලි නැමැත්තා මහාධිකරණයෙන් අධිචෝදනා ලැබ දඩුවම් ලැබිය යුතු වැරදි කර ඇති බව ය ඒ අනුව වහා විමර්ශන සිදු කොට අසාද් සාලි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද පැමිණිලිකරුවෝ සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති. එම ලිඛිත පැමිණිල්ල අසංක්ෂිප්තව පහත දැක්වේ. “අධ්‍යක්ෂතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ. අසාද් සාලි මහතාට විරුද්ධව සිදුකරන ලිඛිත පැමිණිල්ල හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් 2021.03.10 වැනි දින පවත්වන ලද මාධ්‍ය හමුවේ දී ප්‍රචණ්ඩ හා ප්‍රකෝපකාරි ක්‍රියා සඳහා ජනතාව පොළඹවන ලද ප්‍රකාශයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා කර...

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!

Image
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත පහරය පසුපස සිටින්නේ කවුදැයි තමන් දන්නා බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ සඳහන් කරයි. මේ පිළිබඳව කාදිනල් හිමියන්ද දන්නා බවද ඔහු පැවසීය. තමන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ඇතැයිද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විමල් වීරවංශව සැක කරන බව ද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ පිළිගත හැකි යම් තොරතුරු තමන් සතුව ඇති බවද පවසමිනි.

කූරගල පුදබිම සංවර්ධනයට ආණ්ඩුකාර සහ ගාමිණී වලේබොඩ පෙරමුණ ගනී..!

Image
 මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඓතිහාසික වටිනාකමක් ඇති බලංගොඩ ප්‍රදේශයේ කූරගල පුදබිම සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පසුගියා දා පැවැත්විණ. මේ සඳහා මහසංඝරත්නයේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන් , රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මැතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී විය.  

ඔරිජිනල් පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ට වැඩිපුර සලකනවා, සටනේ වැඩි වාසි විමල්ට​..!

Image
.   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරියේ දී තම දේශපාලන අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි. ඉදිරියේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ආරක්ෂා කර ගන්නා නමුත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තම පක්ෂයට වැඩි අවධානයක් යොමු කිරීමටත්, ඉදිරි දේශපාලන කටයුතුවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. අමාත්‍ය විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශය ගැන සමාව ඉල්ලන ලෙස තමා ඉල්ලීමක් කලත් ඔහු එය නොකර වෙනත් දේවල් කියමින් සිටි නමුත්, ඉදිරියේදී ඒ ගැන නැවත නැවත කතා කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ශ‍්‍රී ලංකාවට නොදෙනබව ඉන්දියාව කියයි. ​

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශී‍්‍ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර ඇත. ඉන්දීය රජය පැවසුවේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡුා පැවැත්වෙන බවයි. 2015 වසරේ මැයි මස ද ශී‍්‍ර ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. 2003 වසරේදී එවකට පැවැති එ. ජා. ප. රජය විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය අයි. ඕ. සී. සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඉන්දීය රජය ති‍්‍රකුණාමල තෙල් ටැංකි ශී‍්‍ර ලංකාවට ලබාදීමට එකඟ වූයේ නැතැයි නිව්ස්ඒෂියා වෙබ් අඩවිය ද තහවුරු කර ඇත. මෙම තෙල් ටැංකි සමූහය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර තිබිණි. – divaina

තරුණයෙකුගේ සිරුර මහපාරේ තබාගෙන බලංගොඩ ප්‍රදේශවාසීන් උද්ගෝශණයක​..!

Image
පසුගිය දිනක බලංගොඩ , සීතාවක ප් ‍ රදේශයේ පදිංචි W.A සුමනසිරි යන අය බෝතලයකින් ඇණ මියගිය 31 හැවිරිදි තරුණයෙකු ගාතනය කිරීම සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය පක්ෂපාතීව සහ මුනිවත රැකීම නිසා ජනතාව වීදී බැස මෙසේ උද්ඝෝෂකයක් පැවැත්වීය. බලංගොඩ පොලිස් ස්තානාධිපති ඇතුලු පොලීසිය මේ සිද්දිය යට ගැසීමට උත්සාහ දරණ බව ගම්වාසීන් චෝදනා කරනු ලබයි. වීඩියෝව සඳහා

ලංකාවේ පළමු කාන්තා DIG ගේ උසස්වීමට SSPලා 32ක් එරෙහිවෙයි..!

Image
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ඉකුත් දා උසස් වීම් ලද බිම්ශානී ජාසින් ආරච්චි මහත්මියගේ උසස්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මැයි මස 18 වනදා කැඳවන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.   මෙම පෙත්සම අද (16) මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. සම්මත උසස් වීම් පටිපාටියට පටහැනි ආකාරයට මෙම උසස් වීම සිදුකර ඇති බැවින් එය නීතිවිරෝධී බවට තීන්දුකරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින්.

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

Image
" රෝග ලක්ෂණ සහිත, කොවිඩ් රෝගීන් වැඩිවශයෙන් වාර්තාවීම අවධානම්." රත්නපුර වසංගත රෝග විද් ‍ යාඥ වෛද් ‍ ය ලක්මාල් කෝණාර මහතා. රෝග ලක්ෂණ සහිත, කොවිඩ් රෝගීන් රත්නපුර දිස්ත් ‍ රික්කයෙන් වැඩිවශයෙන් වාර්තාවීම අතිශය අවධානම් තත්ත්වයක් බව රත්නපුර වසංගත රෝග විද් ‍ යාඥ වෛද් ‍ ය ලක්මාල් කෝණාර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ රත්නපුර දිස්ත් ‍ රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකා කමිටුව අමතමිනි. අද දින එනම් 2021.02.15 දින රත්නපුර දිස්ත් ‍ රික් ලේකම් කාර්යාලීය ශ් ‍ රවණාගාරයේදී, සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ හා රත්නපුර දිස්ත් ‍ රික් ලේකම්/ මහ දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මැතිණියගේ ප් ‍ රධානත්වයෙන් මෙම කමිටුව පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෛද් ‍ ය ලක්මාල් කෝණාර මහතා මෙසේ පැවසීය. පසුගිය මාස කිහිපය පුරා රත්නපුර දිස්ත් ‍ රික්කයෙන් වාර්තාවුණු කොවිඩ් ආසාධිත පුද්ගලයින්ගෙන් අති බහුතරයකට රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නෑ. ඒ හේතුවෙන්ම මෙම රෝගය තවත් කෙනෙකුට බෝවීවේ හැකියාව පැවතුණේ අවම මට්ටමක. නමුත් පසුගිය දිනවල හඳුනාගත් රෝගීන් බහුතරයකටම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අති...

පාසල්වල විවිධ උත්සව පැවැත්වීම වහාම අත්හිටුවයි..!

Image
පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවධානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ලද,ඉදිරියේ සැලසුම්කර ඇති උත්සවද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ ..!

Image
  ශ් ‍ රී ලංකා ආයතනය ප් ‍ රතිව් ‍ යුහගතකරණය කරන ලෙසට ඉල්ලා ලෝක පුජිත පන්දු යවන්නෙකු වන ශ් ‍ රී ලංකා ක් ‍ රිකට් කණ්ඩායමේ හිටපු ක් ‍ රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ් ‍ රී ලංකා ක් ‍ රිකට් ආයතනය සම්පුර්ණයෙන්ම ප් ‍ රතිව් ‍ යුහගත්කරණය කිරිම, එහි ව් ‍ යවස්ථාව වෙනස් කිරීම සහ ක් ‍ රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කිරීමේ පවතින කරුණු වෙනස් කරන ලෙසට පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම මගින් ඉල්ලා ඇති මුලික කරුණු වේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක් ‍ රීඩා අමාත් ‍ ය නාමල් රාජපක්ෂ, ශ් ‍ රී ලංකා ක් ‍ රිකට් ආයතනය නම් කර ඇත. මුත්තයියා මුරලිදරන්ට අමතරව හිටපු ක් ‍ රීඩකයෙකු වන සිදත් වෙත්තමුණි, 1996 ලෝක කුසලානය ශ් ‍ රී ලංකාව ජයග් ‍ රහණය කරලිම සඳහා මුලික අඩිතාලම සැකසු මෙරට ක් ‍ රිකට් පාලක මණ්ඩලයේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවා, කුෂිල් ගුණසේකර, විජය මලලසේකර ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ශ් ‍ රී ලංකා ක් ‍ රිකට් නගා සිටුවීම සඳහා ක් ‍ රීඩා අමාත් ‍ යවරයා විසින් පසුගියදා නම් කරන ලද ක් ‍ රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ල...