පාසල්වල විවිධ උත්සව පැවැත්වීම වහාම අත්හිටුවයි..!


පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් උපදෙස් ලබා දී තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවධානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ලද,ඉදිරියේ සැලසුම්කර ඇති උත්සවද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Comments

Popular posts from this blog

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.