මේ ලක්ෂණ තිබේනම් ඔබ කොවිඩ් ආසාදිතයෙක් විය හැක..!


කොවිඩ් රෝග ලක්ෂණ සඟවාගෙන සිට උත්සන්න වන මොහොතේ දී රෝහල් ගත වන බොහෝ රෝගීන් ඔක්සිජන් අඩුකම හේතුවෙන් ජීවිත අ වදානමකට පත්වීමේ තත්ත්වයක් මෙරට රෝහල්වලින්ද දැන් දක්නට ලැබෙන බව ගම්පහ මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා ප්‍රකාශ කළේය.

අපහසුතාව එමෙන්ම කතා කිරීමේදී, පඩි කිහිපයක් නැගීමේ දී පවා අධික වෙහෙසක් දැනෙන්නේ නම්, අධික උණ නිතර දින කිහිපයක් ඇතිනම් හෘද ස්පන්දන වේගය වැඩිවන බව දැනෙන්නේ නම්, අැඟපත වේදනාව අධිකව ඇත්නම් එම රෝග ලක්ෂණ කොරෝනා ​වෛරස් ප්‍රභේදයේ විය හැකි බැවින් නොපමාව රෝහල් ගත කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නව කොරෝනා ප්‍රභේදය නිරෝගී පුද්ගලයෙකුට මෙන්ම තරුණ අයට ද ඉතාම ඉක්මනින් ඇතුළු වී දැඩි බලපෑම් එල්ල කළ හැකි බැවින් තමාට කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැක කරන්නේ නම් හෝ කොරෝනා වයිරසයට ගොදුරු වූ ආශ්‍රිතයකු සමග ළඟින්ම ඇසුරු කර ඇත්නම් ඇතිවන රෝග ලක්ෂණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

Comments

Popular posts from this blog

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.