Posts

Showing posts from March, 2021

සාමාජික ඉල්ලීම මත ශ‍්‍රීලනිපය තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම් - අමරවීර

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින් ඉදිරියට ක්‍රියා කරන්නේ ගම් මට්ටමේ සාමාජිකයන්ගේ අදහස් හා මතය බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ආණ්ඩුවේ තනතුරු අතහරින්න හෝ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි ගම් මට්ටමින් සාමාජිකයන් කියන්නේ නම් ඒවා ක්‍රියාත්මක කරන්න සූදානම් බවද ඔහු පැවසීය. පසුගිය මහ මැතිවරණයේ දී මුළු යාන්ත්‍රණයම යොදවන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයන් පැරදවීමට බවත් ශ‍්‍රීලනිප අපේක්ෂකයන්ට පැවසුවේ උකුස්සන් ලෙස බවත් ඔහු කියා සිටියේය. ඒ මහතා මෙම අදහස් පලකලේ උත්සව සභාවක් අමතමිනි.

රත්නපුර ගංවතුර ගැන බලධාරීන්ගේ ඇස් අරවන කතාවක් ගාමිණී වලේබොඩගෙන් පාර්ලිමෙන්තුවේදී..!

Image
තම ආදරණීය රත්නපුර ජනතාවට ගංවතුරෙන් සිදුවන හානිය පිළිබඳ හා   ඒ සදහා යෝජිත වැඩපිළිවෙළ ගැන ගරු ගාමිණී වලේබොඩ මැතිතුමන් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටියේය.   රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සෑම වසරකදීම මුහුණදීමට සිදුවන ගංවතුර තර්ජනය සහ එහි බලපෑම පිළිබඳ  ගරු ගාමිණී වලේබොඩ මැතිතුමන් පාර්ලිමේන්තුවේදී දීර්ග වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ අතර  මෙම ගැටලුව සදහා විසදුම් සහිත යෝජනාවක් ගරු මැතිතුමන් විසින් සභාගත කළහ. තවද ඒ සදහා අවශ්‍ය සහය ලබාදෙන මෙන්   එතුමන් බලධාරීන්ගෙන්  ​

අසාත් සාලිට එරෙහිව ගාමිණී වලේබොඩ ඇතුලු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..!

Image
හිටපු ආණ්ඩුකාර​  අසාත් සාලි මන්ත්‍රීතුමන් විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මැතිතුමන් ඇතුලු පිරිසක් අද උදෑසන​ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකලහ​.  එම ලිඛිත පැමිණිල්ලෙන් පෙන්වා දෙන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(එච්) වගන්තිය ද උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කොට ඇති අසාද් සාලි නැමැත්තා මහාධිකරණයෙන් අධිචෝදනා ලැබ දඩුවම් ලැබිය යුතු වැරදි කර ඇති බව ය ඒ අනුව වහා විමර්ශන සිදු කොට අසාද් සාලි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද පැමිණිලිකරුවෝ සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති. එම ලිඛිත පැමිණිල්ල අසංක්ෂිප්තව පහත දැක්වේ. “අධ්‍යක්ෂතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ. අසාද් සාලි මහතාට විරුද්ධව සිදුකරන ලිඛිත පැමිණිල්ල හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් 2021.03.10 වැනි දින පවත්වන ලද මාධ්‍ය හමුවේ දී ප්‍රචණ්ඩ හා ප්‍රකෝපකාරි ක්‍රියා සඳහා ජනතාව පොළඹවන ලද ප්‍රකාශයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා කරන පැමිණිල්ලකි. 2021.03.10 වැන

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි..!

Image
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත පහරය පසුපස සිටින්නේ කවුදැයි තමන් දන්නා බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ සඳහන් කරයි. මේ පිළිබඳව කාදිනල් හිමියන්ද දන්නා බවද ඔහු පැවසීය. තමන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ඇතැයිද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විමල් වීරවංශව සැක කරන බව ද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ පිළිගත හැකි යම් තොරතුරු තමන් සතුව ඇති බවද පවසමිනි.

කූරගල පුදබිම සංවර්ධනයට ආණ්ඩුකාර සහ ගාමිණී වලේබොඩ පෙරමුණ ගනී..!

Image
 මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඓතිහාසික වටිනාකමක් ඇති බලංගොඩ ප්‍රදේශයේ කූරගල පුදබිම සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පසුගියා දා පැවැත්විණ. මේ සඳහා මහසංඝරත්නයේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන් , රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මැතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී විය.