Posts

Showing posts from February, 2021

ඔරිජිනල් පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ට වැඩිපුර සලකනවා, සටනේ වැඩි වාසි විමල්ට​..!

Image
.   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරියේ දී තම දේශපාලන අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි. ඉදිරියේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ආරක්ෂා කර ගන්නා නමුත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තම පක්ෂයට වැඩි අවධානයක් යොමු කිරීමටත්, ඉදිරි දේශපාලන කටයුතුවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. අමාත්‍ය විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශය ගැන සමාව ඉල්ලන ලෙස තමා ඉල්ලීමක් කලත් ඔහු එය නොකර වෙනත් දේවල් කියමින් සිටි නමුත්, ඉදිරියේදී ඒ ගැන නැවත නැවත කතා කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ශ‍්‍රී ලංකාවට නොදෙනබව ඉන්දියාව කියයි. ​

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශී‍්‍ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර ඇත. ඉන්දීය රජය පැවසුවේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡුා පැවැත්වෙන බවයි. 2015 වසරේ මැයි මස ද ශී‍්‍ර ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. 2003 වසරේදී එවකට පැවැති එ. ජා. ප. රජය විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය අයි. ඕ. සී. සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඉන්දීය රජය ති‍්‍රකුණාමල තෙල් ටැංකි ශී‍්‍ර ලංකාවට ලබාදීමට එකඟ වූයේ නැතැයි නිව්ස්ඒෂියා වෙබ් අඩවිය ද තහවුරු කර ඇත. මෙම තෙල් ටැංකි සමූහය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර තිබිණි. – divaina

තරුණයෙකුගේ සිරුර මහපාරේ තබාගෙන බලංගොඩ ප්‍රදේශවාසීන් උද්ගෝශණයක​..!

Image
පසුගිය දිනක බලංගොඩ , සීතාවක ප් ‍ රදේශයේ පදිංචි W.A සුමනසිරි යන අය බෝතලයකින් ඇණ මියගිය 31 හැවිරිදි තරුණයෙකු ගාතනය කිරීම සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය පක්ෂපාතීව සහ මුනිවත රැකීම නිසා ජනතාව වීදී බැස මෙසේ උද්ඝෝෂකයක් පැවැත්වීය. බලංගොඩ පොලිස් ස්තානාධිපති ඇතුලු පොලීසිය මේ සිද්දිය යට ගැසීමට උත්සාහ දරණ බව ගම්වාසීන් චෝදනා කරනු ලබයි. වීඩියෝව සඳහා

ලංකාවේ පළමු කාන්තා DIG ගේ උසස්වීමට SSPලා 32ක් එරෙහිවෙයි..!

Image
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ඉකුත් දා උසස් වීම් ලද බිම්ශානී ජාසින් ආරච්චි මහත්මියගේ උසස්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මැයි මස 18 වනදා කැඳවන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.   මෙම පෙත්සම අද (16) මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. සම්මත උසස් වීම් පටිපාටියට පටහැනි ආකාරයට මෙම උසස් වීම සිදුකර ඇති බැවින් එය නීතිවිරෝධී බවට තීන්දුකරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින්.

රත්නපුර අධි අවධානම් තත්වයක​..!

Image
" රෝග ලක්ෂණ සහිත, කොවිඩ් රෝගීන් වැඩිවශයෙන් වාර්තාවීම අවධානම්." රත්නපුර වසංගත රෝග විද් ‍ යාඥ වෛද් ‍ ය ලක්මාල් කෝණාර මහතා. රෝග ලක්ෂණ සහිත, කොවිඩ් රෝගීන් රත්නපුර දිස්ත් ‍ රික්කයෙන් වැඩිවශයෙන් වාර්තාවීම අතිශය අවධානම් තත්ත්වයක් බව රත්නපුර වසංගත රෝග විද් ‍ යාඥ වෛද් ‍ ය ලක්මාල් කෝණාර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ රත්නපුර දිස්ත් ‍ රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකා කමිටුව අමතමිනි. අද දින එනම් 2021.02.15 දින රත්නපුර දිස්ත් ‍ රික් ලේකම් කාර්යාලීය ශ් ‍ රවණාගාරයේදී, සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ හා රත්නපුර දිස්ත් ‍ රික් ලේකම්/ මහ දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මැතිණියගේ ප් ‍ රධානත්වයෙන් මෙම කමිටුව පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෛද් ‍ ය ලක්මාල් කෝණාර මහතා මෙසේ පැවසීය. පසුගිය මාස කිහිපය පුරා රත්නපුර දිස්ත් ‍ රික්කයෙන් වාර්තාවුණු කොවිඩ් ආසාධිත පුද්ගලයින්ගෙන් අති බහුතරයකට රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නෑ. ඒ හේතුවෙන්ම මෙම රෝගය තවත් කෙනෙකුට බෝවීවේ හැකියාව පැවතුණේ අවම මට්ටමක. නමුත් පසුගිය දිනවල හඳුනාගත් රෝගීන් බහුතරයකටම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අති

පාසල්වල විවිධ උත්සව පැවැත්වීම වහාම අත්හිටුවයි..!

Image
පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවධානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ලද,ඉදිරියේ සැලසුම්කර ඇති උත්සවද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ ..!

Image
  ශ් ‍ රී ලංකා ආයතනය ප් ‍ රතිව් ‍ යුහගතකරණය කරන ලෙසට ඉල්ලා ලෝක පුජිත පන්දු යවන්නෙකු වන ශ් ‍ රී ලංකා ක් ‍ රිකට් කණ්ඩායමේ හිටපු ක් ‍ රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ් ‍ රී ලංකා ක් ‍ රිකට් ආයතනය සම්පුර්ණයෙන්ම ප් ‍ රතිව් ‍ යුහගත්කරණය කිරිම, එහි ව් ‍ යවස්ථාව වෙනස් කිරීම සහ ක් ‍ රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කිරීමේ පවතින කරුණු වෙනස් කරන ලෙසට පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම මගින් ඉල්ලා ඇති මුලික කරුණු වේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක් ‍ රීඩා අමාත් ‍ ය නාමල් රාජපක්ෂ, ශ් ‍ රී ලංකා ක් ‍ රිකට් ආයතනය නම් කර ඇත. මුත්තයියා මුරලිදරන්ට අමතරව හිටපු ක් ‍ රීඩකයෙකු වන සිදත් වෙත්තමුණි, 1996 ලෝක කුසලානය ශ් ‍ රී ලංකාව ජයග් ‍ රහණය කරලිම සඳහා මුලික අඩිතාලම සැකසු මෙරට ක් ‍ රිකට් පාලක මණ්ඩලයේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවා, කුෂිල් ගුණසේකර, විජය මලලසේකර ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ශ් ‍ රී ලංකා ක් ‍ රිකට් නගා සිටුවීම සඳහා ක් ‍ රීඩා අමාත් ‍ යවරයා විසින් පසුගියදා නම් කරන ලද ක් ‍ රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස ම